අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ අගෝස්තු මස 31 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බවයි.
අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වීමට නියමිතව තිබු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
ඔහු කියා සිටියේ, ඒ අනුව පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් සහ පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව දී ඇති උපදෙස් අනුව සිය අයදුම්පත යොමු කළ යුතු බවයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක