උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ සියලු අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් 423 කට මේ යටතේ සිසුන් ඇතුළත් කර ගන්නා බවයි.
ඒ සඳහා සාමාන්‍ය පෙළ විභාගය සමත් හෝ අසමත්භාවය සළකා බැලෙන්නේ නැත.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, සුදුසු පාසලක් තෝරා ගැනීමේ අවස්ථාව සිසුන්ට හිමි වන බවයි.
පාඨමාලාවන් 26 ක් යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පුර්ණ කිරීමට මේ යටතේ සිසුන්ට අවස්ථාව හිමි වනවා.
ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා, විලාසිතා සහ ග්‍රැෆික් නිර්මාණකරණය, ඉදිකිරීම් තාක්ෂණය, මෝටර් යාන්ත්‍රික, පරිගණක දෘඩාංග හා ජාලකරණය, නිපැයුම්කරණය ආදී විෂයන් ඊට ඇතුළත්.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 2 787 136 හෝ 0112 786 746 යන දුරකතන අංකවලින් ලබාගත හැකියි.
ඊට අමතරව WWW.MOE.GOV.LK යන අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්