සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පහසුකමක් සලසා දී තිබෙනවා.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සැලසෙනවා.
මෙහිදී විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරයා මගින් ද, පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින් ද සතියක් තුළදී එම සංශෝධනය සිදු කළ යුතු වෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ