කුඩා දරුවකුගේ හෘද සැත්කමක් වෙනුවෙන් ඔලිම්පික් උළෙලේ කාන්තා හෙල්ල විසි කිරීමේ රිදී පදක්කම වෙන්දේසියේ තබන්නට පෝලන්ත ක්‍රීඩිකා මාරියා ඇන්ඩ්රසික් තීරණය කර තිබේ.
ටොබ්ලර් නම් වූ 8 මසක් වියැති දරුවකුගේ හෘද සැත්කමකට අවශ්‍ය වූ මුදලක් සපයා ගැනීමේ අරමුණින් ඇය සිය රිදී පදක්කම වෙන්දේසියේ තැබූ අතර ඇයට මෙම දරුවා පෝලන්තයේ සිට කැලිෆෝර්නියාවේ ස්ටෑන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය දක්වා රැගෙන ගොස් සැත්කම කිරීම සඳහා වන මුදල අවශ්‍ය විය.
එය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර සතියක් ගතවන විට ඇය සිය අරමුණ ඉටු වූ බවට සටහනක් තැබීය. ඒ අනුව ඇයගේ පදක්කමට ඩොලර් 125,000ක (රුපියල් කෝටි 2.5කට ආසන්න) ලංසුවක් හිමි වූ අතර එය පෝලන්ත සුපිරි වෙළෙඳසල් සමූහයට අයත් ‘සැබ්කා’ නම් සමාගමක් විසින් තැබීය. මෙම මුදල ඇයට ලබාදීමට එම සමාගම එකඟ වූ නමුත් මාරියා දිනූ එම ඔලිම්පික් පදක්කම ඇය සතුවිය යුතු බවට ප්‍රකාශයක් කර තිබේ.
මරියාද දෙවසරකට ආසන්න කාලයක් අස්ථි පිළිකාවකින් පෙළී එය පරදා නැවත ඔලිම්පික් පදක්කමක් දිනූ ශක්තිවන්ත ක්‍රීඩිකාවකි.



More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි