ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තුන්වන රැල්ල පාලනය කරගත නොහැකි වුවහොත් පවතින තත්ත්වය අනුව එළඹෙන සැප්තැම්බර් 01 වැනිදා වන විට කොවිඩ් 19 මරණ 30,000ක් පමණ බලාපොරොත්තු වීමට සිදුවන බව Health Data Organization සංවිධානය විසින් පෙන්වා දී ඇති බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය සංජය පෙරේරා මහතා අනාවරණය කළේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පසුගිය වසරේ ඇමරිකාවේ කොවිඩ් 19 ව්‍යාප්තියට අදාළව වෛරසයේ විවිධ ප්‍රභේද මතු වීම නිසා මරණ සිදුවිය හැකි ආකාරය ගැන වාර්තා ඉදිරිපත් කර තිබුණේද මෙම Health Data Organization සංවිධානය බවයි ආචාර්ය සංජය පෙරේරා මහතා පැවසුවේ.
කෙසේවෙතත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගත හොත් එම මරණ 20,000ත් 15,000ත් අතර මට්ටමකට අඩුකරගත හැකි බවද එම දත්ත විශ්ලේෂණයෙන් පෙන්වා දී තිබේ.
එමෙන්ම විශේෂයෙන් අද (08) දවස වන විට මෙරට නිරෝධායන මධ්‍යස්ථානයක කොවිඩ් 19 ආසාදිතයෙකු මඟින් හඳුනාගෙන ඇති B.1.617 යන කොවිඩ් 19 විකෘති ප්‍රභේදය ඉතා බරපතල වෛරස ප්‍රභේදයක් බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය සංජය පෙරේරා මහතා කියාසිටියේය.
මේ වන විට ඉන්දියාවේ මෙම වෛරස ප්‍රභේදය පැතිර යන අතර නේපාලය,ඉන්දුනීසියාව යන රටවල ව්‍යාප්ත වෙමින් පවතින බව දැනට ලැබී ඇති දත්ත වලින් තහවුරු වී තිබෙන වැව සංජය පෙරේරා මහතා පැවසුවේය.
මෙම B.1.617 විකෘති ප්‍රභේදය සැලකිය යුතු බරපතල විකෘති වීමක් ලෙස බ්‍රිතාන්‍යයෙන්ද ඊයේ (07) දිනයේදී නම් කර තිබෙන බවද පෙරේරා මහතා කියා සිටින ලදී.
”මෙය ඉතාමත් ප්‍රබල,අවදානම් සහගත ප්‍රභේදයක්. මෙම ප්‍රභේදය එංගලන්තයේ සහ යුරෝපයේ රටවල් කිහිපයකද ව්‍යාප්ත වෙමින් තිබෙනවා. තුන්වන රැල්ලේදී මෙරටදී හඳුනා ගැනුණු එංගලන්තයේ පැතිර ගිය වෛරසය පළමු සහ දෙවන රැල්ලේදී පැතිර ගිය වුහාන් වෛරසයට වඩා ප්‍රබලයි. ඒ කියන්නේ 50%ත් 80%ත් අතර ප්‍රබලත්වයක් වුහාන් වෛරසයට වඩා. දැන් මේ B.1.617 ප්‍රභේදය බ්‍රිතාන්‍ය විකෘති ප්‍රභේදයටත් වඩා බරපතලයි. එහි ප්‍රබලත්වය තවට 15%කින් පමණ වැඩියි. මෙම වෛරසය පැතිර යාමේ වේගය ඉතා ඉහළයි.ඉන්දියාවේ මරණ වැඩි වීමට හේතුවත් මේ වෛරසයේ බලපෑම විය හැකියි.
ඒ ගැන දත්ත විශ්ලේෂණය කරමින් පවතින්නේ. ඉන්දුනීසියාව වැනි කොවිඩ් දැඩිව පාලනය කළ රටකටත් එම වෛරසය ඇතුළු වූයේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන බලධාරීන් වැඩ සැලකිලිමත් විය යුතුයි. අපිට දැන් පේනවා ඉන්දියාවේ මොකද වෙන්නේ කියල.”
For video blob:https://www.facebook.com/8d4e611f-b4d4-49af-a1df-66e134f892f5
දැනට පවතින තත්ත්වය හමුවේ එම වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර ගිය හොත් එය සෞඛ්‍ය පද්ධතියට කිසිලෙසකින්වත් දරාගැනීමට නොහැකි වනු ඇති බවයි සංජය පෙරේරා මහතා සඳහන් කළේ.
ඒ අනුව මෙම නව ප්‍රභේදය සමඟ මෙරට ජනතාව ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
- Lanka news web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්