මේ වන විට ඇස්ට්රාසනිකා එන්නත් 1,264,000 සයිනොෆොම් එන්නත් 3,100,000 ක් ස්පුට්නික් එන්නත් 13,000 වශයෙන් මුළු එන්නත් මාත්රා හතලිස් හතර ලක්ෂ අනු හතරදහසක් ලැබී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
එසේම සමස්ත ජනගහනයෙන් මිලියන 3 කට එන්නත් ලබාදී අවසන් ඇති බවද ජනාධිපතිවරයා ප්රකාශ කළා.
ජූලී මාසයේදී සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන 4 ක් සහ සයිනොවැක් මාත්රා මිලියන 2.5 ක් ලැබීමට නියමිත බවත් එසේම ස්පුට්නික් මාත්රා මිලියන 2 ක් ද ලබා ගැනීමට කටයුතු යොදා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර අගෝස්තු මාසයේ සයිනොෆාම් මාත්රා මිලියන 5 ක් , සයිනො වැක් මාත්රා මිලියන 2.5 ක් , ස්පුට්නික් මාත්රා මිලියන 2 ක් ලැබීමට නියමිතයි. සැප්තැම්බර් මස සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන 3 ක් සමගින් සැප්තැම්බර් මස අවසන් වන විට මිලියන 13 ක ජනතාවකට එන්නත්කරණය සිදු කිරීමට හැකියාව ලැබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
දැන් විකාශය වන ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතිමින් සිදු කරන විශේෂ ප්රකාශය අතර තුර ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්