සැබෑ ජන විරෝධයට ආයුධවලින් පිළිතුරු සෙවීම නොකරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ වන විට රට තුළ සිදුවෙමින් පවතින බවත්, බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට කටයුතු කරමින් ඇති බවත් ඔහු සඳහන් කරනවා.
රටේ ජනතාවත්, අරගලයේ නිරත වන ජනතාවත් ආරක්ෂා කිරීම මේ මොහොතේ ආරක්ෂක අංශයේ වගකීම බවත්, නිරායුධ අරගලයේ නිරත දරුවන්ට කිසි ලෙසකින් හෝ ප්‍රහාරයක් සිදු නොකරන ලෙස තමා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසනවා.
නිවේදනය පහතින්,
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ