2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින කටුවාපිටිය දේවස්ථානයට පැමිණි නිරංජලී යසවර්ධන මහත්මියට ඇගේ සැමියා සහ දියණියන් දෙදෙනා අහිමි වී අදට වසර දෙකකි.
ඇය අද (21) තම සැමියා සහ දියණියන් දෙදෙනා මිහිදන් කර ඇති සුසාන භූමියට පැමිණියේ තම හිස ද මුඩු කරගෙනය.
නිරංජලී යසවර්ධන මහත්මිය එම ස්ථානයට පැමිණීමට පෙර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබිණි.
ඇය එම සටහන මගින් සදහන් කර ඇත්තේ මීට වසර දෙකකට පෙර අද වැනි දිනක තමන්ට හිමි පදවි දෙකක් වූ බිරිය සහ අම්මා යන පදවිය අමානුෂික ලෙස උදුරා ගත් බවයි.
මවක් ලෙස තමන් කළ කැපකිරීම සහ යුතුකම් වල වටිනාකම ශුන්‍යයක් වී ඇතැයි ද ඇය සදහන් කරයි.
එමෙන්ම තමන් අද වන විට ජීවත්වීමේ අරගලය සමග හෙම්බත්ව ඇතැයි ද නිරංජලී යසවර්ධන මහත්මිය සිය මුහුණුපොතේ සටහන් කර තිබේ.
එම සටහන පහතින්….
අදින් වසර දෙකකට කලින්, අද වගේ දවසක බිරිඳ සහ අම්මා යන පදවි දෙක අමානුෂික ලෙස මගෙන් උදුරා ගත්තා. අම්මා කෙනෙකු ලෙස මා සිදුකරන ලද සියලුම කැපකිරීම් සහ යුතුකම් වල වටිනාකම ශුන්‍යයක් වී මා අද ජීවත්වීමේ අරගලය සමගින් හෙම්බත්ව ඇත ………………
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්