ආහාර හා ඖෂධ ඇසුරුම්කිරීම හැර වෙනත් සියලු නිෂ්පාදන සඳහා භාවිතයට ගනු ලබන කුඩා වර්ගයේ සැෂේ නිෂ්පාදන පැකට් වර්ග මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පාවිච්චිය තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඊට අදාල නිවේදනය ඇතුළත් අංක 2211ජනවාරි 2021-01- 21 දරණ ගැසට් නිවේදනය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ශුද්ධ බර මිලි ග්රැම් 20 ට අඩු සහ ශුද්ධ පරිමාව මිලි ලීටර් 20 ට අඩු ආහාර සහ ඖෂධ අඩංගු සැෂේ නිෂ්පාදන හැර අනෙකුත් නිෂ්පාදන භාවිතය තහනමට ලක් කෙරෙනු ඇති.
මෙම ගැසට් නිවේදනය යටතේම, සායනික කටයුතු සඳහා භාවිතකරන කොටන් බඩ් හැර, ප්ලාස්ටික් කූර සහිත කොටන් බඩ්ද භාවිතය තහනමට ලක් කර තිබේ.


More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි