මෙරට දිනකට ළමුන් 25 දෙනෙකු විවිධ අපයෝජනයන්ට ලක්වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියයි.
අපයෝජනයට ලක්වන ළමුන්ගෙන් 21%ක් පමණ වයස අවුරුදු 05ට අඩු කුඩා ළමුන් බව හෙතෙම වැඩිදුරටත් පවසයි.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ කතාව කීවේ බේරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.
මේ වසරේ ජනවාරි මාසයේ 01 වනදා සිට ජුනි 30 වනදා වන විට ගත වූ දින 180ක කාල සීමාව තුළ ළමා අපචාර සමබන්ධ පැමිණිලි 4743ලැබී ඇති බවත් එම පැමිණිලි ප්‍රමාණය 180 බෙදු විට දිනකට ළමා අපචාර 25කට වඩා සිදුවන බව ත් ඒ අනුව මෙරට පැයකට ළමා අපචාරයකට වඩා සිදුවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
අපචාරයට ලක්වන දරුවන්ගෙන් 21%ක් අවුරුදු 5ට අඩු දරුවන් වන අතර දරුවන් අපයෝජනය කළ විත්ති කරුවන් අතරින් 13%කට වැඩි පිරිසක් පියවරු බවත් ඊළඟ විත්තිකරු අම්මා, ඊළග විත්ති කරු පූජ්‍ය පක්ෂය බවත් ඇමැතිවරයා කියයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්