දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන වැඩිවීම හේතුවෙන් කොවිඩ් -19 සීමා තවත් මාසයකින් දීර්ඝ කිරීමට සිංගප්පුරුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
බදාදා (20) එරටින් කොවිඩ් මරණ 18ක් වාර්තා වූ අතර එය මෙතෙක් එරටින් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් මරණ ගණන ලෙස සඳහන් විය.
එසේම එදින ආසාදිතයින් 3,800ක් වාර්තා වුණි.
ඒ අනුව කොවිඩ් සීමාවන නොවැම්බර් 21 වනදා තෙක් දීර්ඝ කෙරෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
එරට කොවිඩ් -19 කාර්ය සාධක බළකායේ සම සභාපති ලෝරන්ස් වොන්ග් පැවසුවේ, “සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හොඳටම මහන්සියි. මෙහෙම ගියොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙයි,” යනුවෙනි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ