සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය ආයතනයක් වන ‘බ්රෙතොනික්ස්’ මගින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 වයිරසය හඳුනා ගැනීම සඳහා තත්පර 60ක හුස්ම ගැනීමේ පරීක්ෂණයක් එරට පාලනාධිකාරිය විසින් අනුමත කර ඇත.
දැන් සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වී ඇති මෙම ආයතනය සිය නවතම තාක්ෂණය සිංගප්පූරුවට පැමිණෙන සංචාරකයන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා යොදාගැනීමට සූදානම් වේ.
උපාධිධාරීන් තිදෙනකු වන ජියා ෂූනාන්, ඩු ෆැන්ග් සහ වේන් වී ෂී ජි සහ ජියාගේ ආචාර්ය උපාධි උපදේශක මහාචාර්ය ටී.වෙන්කි වෙන්කටේසන් විසින් මෙම නව ශ්වසන පරීක්ෂණය නිර්මාණය කර ඇත.
මෙය වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයක් වන අතර විනාඩියකටත් අඩු කාලයකින් ප්‍රතිඵල ලබාදීමට සමත් බව සිංගප්පූරු ජනමාධ්‍ය වාර්තා කරයි.
- aruna news
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි