කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොගත් සියලු රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ට ජනවාරි 15 වනදා සිට සේවා ස්ථානයට පිවිසීමට ඉඩ ලබා නොදෙන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව පීසීආර් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා සමත් වුවද සේවා ස්ථාන සදහා පැමිණීමට ඉඩ ලබා නොදීමටයි එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
සිංගප්පූරු රජය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මේ පිළිබද පූර්ව දැනුම් දීම් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා
මෙහිදී එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති සේවකයින් සදහා ජනවාරි මස 31 වනදා දක්වා සහන කාලයක් ලබා දෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්
සිංගප්පූරු සේවකයින්ට රතු නිවේදන

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්