රූපවාහිනී නාලිකාවක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් තරුණියක් විසින් සිංහරාජ වන විනාශය පිළිබඳව එල්ල කළ චෝදනාව පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් එම තරුණියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ මේ සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
වනාන්තර විනාශ කිරීම හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන තොරතුරු විමර්ශනය කිරීමටද පියවර ගෙන ඇතැයිද නි.පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ එවැනි සිදුවීම්වල නිරවද්‍යතාවය තහවුරු කර වනාන්තර විනාශයන්ට වගකිව යුතු පුද්ගලයින්ට නීතියානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට