ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අයත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තෙවන දිනටත් වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද දිනයේ එම ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 319 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම අද (07) දිනයේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 05ක් ද වාර්තා වී ඇති බව සඳහන් වේ.
සති 07ක කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මකව පැවතුනද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් සිඩ්නි නුවරින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ