ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සිඩ්නි අයත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 16ට වැඩි ජනගහනයෙන් 70කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමෙන් පසුවය.
සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කර ඇත්තේ, දින 106කට පසුවය.
ඒ අනුව ආපනශාලා, අවන්හල් හා ව්‍යායාම් ශාලා නැවත විවෘත කිරීමට අවසර හිමිවිය.
කෙසේ වෙතත් එම ස්ථාන වෙත ඇතුළු වීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින්ට පමණය.
සිඩ්නි වැසියන් ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම නිමිත්තෙන් සතුට පළ කර සිටියේය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ