විදුලි කප්පාදු වේලාවේ වෙනසක් සිදුකිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාතය කාංචන විජේසේකර පවසයි.
ඒ අනුව පැය දෙකයි විනාඩි 15ක කාලයක් දින තුනකට වරක් උදේ කාලයේ හෝ රාත්‍රී කාලයේ එකවර සිදුකිරීමට නියමිතයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.
අඛණ්ඩව විදුලිය ලබාදීම සදහා යම් සැලසුමක් කටයුතු කරමින් ඉන්නවා. පහුගිය කාලයේ පැය 3යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් තමයි කළේ. අද ඉදලා අපි බලාපොරොත්තු වෙනවා පැය 2යි විනාඩි 15ක් දක්වා අඩු කරන්න. නමුත් අර පැරණි තිබුණු ක්‍රම වේදයට වෙනස් කරලා යෝජනා කරලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසමත්, විදුලිබල මණ්ඩලයත් ඒකට අනුමැතිය දෙන්න ඔ්නේ අපි මේ කරන යෝජාවට.
පැය 2යි විනාඩි 15, ඒක මාරුවෙන් මාරුවට දවස් තුනෙන් තුනට, කොටසකට පැය 2යි විනාඩි 15 එකවර දවල් කාලයේ කප්පාදු වෙනවා. තවත් කොටසකට රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් වෙනවා.
එතකොට උදේ රාත්‍රී කියලා දෙකේම කපන්නේ නැතිව උදේ 6ඉදලා හවස 5 වෙනකන්, හවස 5 ඉදලා රාත්‍රී 9 වෙනකන් කියන එක තමයි අපි යෝජනා කරලා තියෙන්නේ.
මේ කප්පාදුව හරහා ඩීසල් වලට වැයවෙන රුපියල් මිලියන 400ක් දෛනිකව විදුලිබල මණ්ඩලයට ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්