ශ්‍රී ලංකාවට සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ප්‍රවීණ පිතිකරු ක්‍රේග් අර්වින් නැවත වරක් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙනවා.
ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අදාලව පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය , 2022 ජනවාරි 16, 18 සහ 21 යන දිනවල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි.
පසුගිය වසරේ අගෝස්තු-සැප්තැම්බර් මාසවල අයර්ලන්ත සහ ස්කොට්ලන්තයේ සීමිත ඕවර සංචාරය සඳහා කණ්ඩායමේ නායකත්වය දැරීමෙන් පසු නැවත වරක් සිම්බාබ්වේ නායකත්වයේ වගකීම අර්වින්ට පවරා තිබෙනවා.
ශ්‍රී ලංකාවේදී, 15 දෙනෙකුගෙන් යුත් සංචිතයකට ඔහු නායකත්වය දෙනු ඇති.
මෙම සංචිතයට ආරම්භක පිතිකරු ටකුඩ්ස්වානාෂේ කයිටානෝ සහ කඩුලු රකින්නා ක්ලයිව් මැඩන්ඩේ ඇතුළත් වන අතර තුන් ඉරියව් ක්‍රීඩක ටිනෝ මුටොම්බොඩ්සි නැවත ජාතික කණ්ඩායමට එක් කර තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායම මෙම සංචාරය සඳහා හෙට එරටින් පිටත්වීමට නියමිතයි.
2022 ශ්‍රී ලංකා සංචාරය සඳහා නම් කර ඇති සිම්බාබ්වේ සංචිතය:
Ervine Craig (captain), Burl Ryan, Chakabva Regis, Chatara Tendai, Jongwe Luke, Kaitano Takudzwanashe, Madande Clive, Madhevere Wessly, Masakadza Wellington, Mutombodzi Tinotenda, Muzarabani Blessing, Ngarava Richard, Raza Sikandar, Shumba Milton, Williams Sean
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්