සිම්බාබ්වේ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී එක්දින සහ T20I තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 2024 ජනවාරි 6 වැනිදා ආරම්භ වන එක්දින තරග 3කින් සහ විස්සයි20 තරග 3කින් තරග වැදීමට නියමිතය. තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා සිට 11 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට 18 වැනිදා දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ සියලුම තරග (ODIs & T20Is) දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වේ.
ODI Series
- 1st ODI – 6th January – Pallekele
- 2nd ODI – 8th January – Pallekele
- 3rd ODI – 11th January – Pallekele
T20I Series
- 1st T20I – 14th January – Dambulla
- 2nd T20I – 16th January – Dambulla
- 3rd T20I – 18th January – Dambulla
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්