ආනයනික තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීමෙන් ඇතිවන හිඟය හරහා සිමෙන්ති මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවට ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ මේ වනවිට මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ සිමෙන්ති හිඟයක් වෙළෙඳපොළේ පවතින බවය.
ඒ පිළිබඳ අදහස් දැක්වු ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමයේ, සභාපති, සුසන්ත ලියනාරච්චි මහතා,
“පසුගිය වර්ෂයට අවශ්‍ය කරන සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 7ක් ලංකාවේ පරිභෝජනය සඳහා ලබාගැනීමට නොහැකි වුණා. ඒ නොහැකි වීමෙන් මෙක්ට්‍රික් ටොන් මිලියන 3ක හිඟයක් තියෙනවා. පෙරේදා වෙනකොට ලංකාවට ආනයනය කරා මෙක්ට්‍රික් ටොන් 22,000ක් සිමෙන්ති. පැක්වලින් ගත්තොත් 440,000ක්. තවත් නැවක් ආවා මෙක්ට්‍රික් ටොන් 9,200ක්. පැකට්වලින් ගත්තොත් ලක්ෂ 2ක්. රු 1575ක් ගහපු ආනයනය කරන සිමෙන්ති කොට්ටය අද ගන්න වෙලා තියෙන්නේ 1,900ට. රත්නපුරේ 2,100යි. ගාල්ල, මාතර, හම්බන්තොට ගන්න බෑ මොනම හේතුවක් නිසාවත්. ආනයනයකරුවන් විසින් ගෙන්වන ලද සිමෙන්ති ලංකාවේ ඩීලස්ලා අරන් ඒ අයගෙන් මාෆියාවක් ඇති කරගෙන මේ හිඟය නිසා අධික මිලකට වෙළෙඳපොළේ විකුණනවා. මිල ඉහළයෑම රජය විසින් තාමත් පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.”
වෙළඳපොළේ සිමෙන්ති මිටියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,500ත් 2,000ත් අතර විවිධ මිල ගණන් යටතේය.
සිමෙන්ති සඳහා වන පාලන මිල ඉවත් කිරීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වූ අතර මිල වැඩි කිරීමකින් පසුවත් වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය අවසන් වී නොමැත.
මාස දෙකහමාරක පමණ කාලයක සිට පවතින සිමෙන්ති හිඟය හමුවේ අලෙවිසල් හිමියන් මුහුණ පා ඇත්තේ දැඩි අසීරුතාවකටය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිමෙන්ති අලෙවිසල්හිමියන්,
“සිමෙන්ති කොට්ටේ ගහලා තියෙන්නේ 1,575යි. අපිත් දෙන්නේ ඒ ගානට. සිමෙන්ති කොට්ට 10ක් විතර තියාගෙන ඉන්නවා. ඕක ගල්වැලිවලට දෙනවා යාන්තමට. නැත්නම් අපිට කන්නත් නෑ.”
“ලොකු ලොකු කන්ට්‍රැක් කරන මිනිස්සුන්ට ලොරිවලින් ගෙනල්ලා ඒවා පාර අයිනේ තියාගෙන වැඩි මිලට විකුණනවා. රජයෙන් කිසිම දෙයක් නෑනේ.”
“ඉල්ලුමට සැපයුමක් නෑ මේකේ. වැඩි මිලටත් ගන්න නෑ.”
දෛනිකව වැටුප් ලබන ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත සේවකයින්ට මෙම සිමෙන්ති හිඟය සෘජු බලපෑමක් එල්ල කර තිබේ.
ඉදිකිරීම් ක්ෂේත්රයේ සේවකයින්,
“ළමයින්ට කන්න දෙන්න විදියක් නෑ වැඩක් කරගන්න නැතුව. දැන් දවස් ගානක් නිකන්. මේ අදත් නිකන් ඉන්නේ බලාගෙන සිමෙන්ති ගේනකල්. සිමෙන්ති ආපු දවසක සල්ලි හම්බකරගෙන තමා ගෙදර යන්න වෙන්නේ. නැත්නම් ගෙදර යන්න විදියක් නෑනේ ළමයින්ට කන්න දෙන්න විදියක් නෑනේ.”
ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ආනයනික සිමෙන්ති වෙළෙඳපොළට ප්‍රමාණවත් පරිදි නිකුත් නොකිරීමේ මාෆියාවක් පවතින බවය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්