ප්‍රමාණවත් ගෑස් තොග නොමැති වීම හේතුවෙන් ලිට්රෝ සහ ලාෆ් ගෑස් බෙදා හැරිම අත්හිටුවා ඇති බව ගෑස් සමාගම් නිවේදනය කරනවා.
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය විදේශ ණයවර ලිපි විවෘත කිරීමට නො හැකි වීම මීට හේතුව බවයි ඔවුන් සඳහන් කරන්නේ.
දින හයකට පෙර දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 30,000ක ගෑස් ගෑස් තොගය දින දෙකකට ආසන්න කාලයක් තුළ දී බෙදා හැර අවසන් වූ අතර, ඒ අතරින් කර්මාන්ත ශාලා සහ අදාහනාගාර සඳහා ගෑස් වෙන්කර ඉතිරි කොටස සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා නිකුත් කිරීම් අවසන් කළ බව යි ලිට්රෝ සමාගම ප්‍රකාශ කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති