මහ මැතිවරණ ඡන්ද විමසීමට පෙර දිවයිනේ සියලු ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි ලෝහ පෘෂ්ඨ සියයට 70 ක් මද්‍යසාර අඩංගු ද්‍රාවණයකින් විෂබීජහරණය කළ යුතු අතර ලෝහ නොවන පෘෂ්ඨ සියයට 0.1 සෝඩියම් හයිපොක්ලෝරයිඞ් යොදා විෂබීජහරණය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දන්වා ඇත.
ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි ඇතුළත හා පිටත සියලු බිත්තිවලට බිම් මට්ටමේ සිට අඩි 6 දක්වා උසට විෂබීජහරණය කළ යුතු වෙයි.
ඒ අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු හෙට (04)දිනයේද සිදුකරන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්