මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකුට නිදහස ලබාදීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාල අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
මේ වන විට මව්වරුන් සමඟ එම දරුවන්ද දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි බන්ධනාගාර තුළ රදවා සිටින බවයි අනාවරණ වී තිබෙන්නේ.
දරුවන්ට නිදහස ලබා දීමට අදාළ කටයුතු සොයා බලන ලෙසයි අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට උපදෙස් ලබා දී තිබෙන්නේ.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පිළිබද සියලු තොරතුරු රැස්කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ගැබිනියන් වශයෙන් සිටින අතරතුරදී හා අලුත උපන් දරුවන් සිටින අතරතුරදී විවිධ වැරදි සම්බන්ධයෙන් මෙම මව්වරුන් බන්ධනාගාර ගත වී තිබෙනවා. එමෙන්ම මේ වන විට අනාවරණ වී ඇත්තේ අවුරුදු පහට අඩු වයසේ පසුවන දරුවන් 46 කු අධිකරණ නියෝග මත මව්වරුන් භාරයේ රඳවා තබා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අදහස් දක්වමින් කියා මේ වන විටත් කඩිනමින් තොරතුරු රැස් කරමින් පවතින අතර එම මව්වරුන්ගෙන් බහුතරයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අය බවයි.
ඊට අදාළ තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හට ලබා දෙන බවයි බන්ධනාගාර කොමසාරි තුෂාර උපුල්දෙනිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව