සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පුද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් MTV පුද්ගලික සමාගමට එරෙහිව කොළඹ දිසා අධිකරණය පසුගිය නොවැම්බර් 23 පැනවූ වාරණ නියෝගය අද (07) තවදුරටත් දීර්ඝ කෙරිණි.
අදාළ වාරණ නියෝගය ඉවත් කරන්නැයි MTV පුද්ගලික සමාගම කළ ඉල්ලීම ද කොළඹ දිසා අධිකරණය නිෂ්ප්රභ කර ඇත.
MTV පුද්ගලික සමාගමට එරෙහි එම වාරණය අධිකරණය විසින් දෙසැම්බර් 18 වැනිදා දක්වා දීර්ඝ කළේය.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්