සිරියාවේ මහ මැතිවරණය අද (19) ආරම්භ වුණා.
මහ මැතිවරණය පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වෛරසය හේතුවෙන් එය කල් දැමුණා.
රජයේ පාලනය පවතින ප්‍රදේශවල ඡන්ද විමසීම පැවැත්වෙනවා. ආසන 250 ක් සඳහා අපේක්ෂකයන් 1656 ක් තරග වදින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
වර්තමාන ජනාධිපති බෂර් අල් අසාද් වසර විස්සක සිට සිරියාව පාලනය කරන අතර ඔහුගේ පක්ෂය මහ මැතිවරණයෙන් ජය ගනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි