සිරියාවේ Homs නුවර හමුදා ඇකඩමියකට පසුගිය 5 වැනිදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය තරයේ හෙළාදකින බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මේ බව ප්‍රකාශ කළේ, එම මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
එහිදී අවම වශයෙන් පුද්ගලයන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද හෙතෙම පැවසීය.
චීනය සියලු ආකාරයේ ප්‍රචණ්ඩකාරී හා ත්‍රස්තවාදී ක්‍රියාවලට තරයේ විරුද්ධ වන බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය. එම ප්‍රහාරය හෙළාදකින අතර, ඉන් තුවාල ලැබූවන්ට මෙන්ම තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට සංවේගය ප්‍රකාශ කරන බව ද හෙතෙම කියාසිටියේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි