කොවිඩ් 19 රෝගය හේතුවෙන් මිය යන මුස්ලිම් ජනතාව භූමිදානය කිරීමට ඉඩ නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පළිගැනීමක් බව ජමේතුල්ලා උලමා සංවිධානයේ සාමාජික මවුලවි මූනීර් මුලෆ්ෆර් සඳහන් කරයි.
තමන්ට තිබෙන්නේ භූමිදානය කිරීම පමණක් බැවින් තවදුරටත් පලි නොගෙන එය රැක දෙන මෙන් මවුලවිවරයා ඉල්ලා සිටී.
ආණ්ඩුව ගත් තීරණයක් කලින්ම තවුහිත් ජම්මාත් සංවිධානය දන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන මවුලවිවරයා එම සංවිධානය අන්තවාදී හා කුමන්ත්‍රණකාරී සංවිධානයක් බව ද පෙන්වා දෙයි.
මුස්ලිම් ජනතාවට වෙනම නීතියක් තිබෙන කතාව බොරුවක් බව ද මවුලවිවරයා සඳහන් කරයි.
මේ රටේ මුස්ලිම් ජනයාට තිබෙන්නෙත් අන් ජනයාට තිබෙන නීතිය ම පමණක් බව ද මවුලවිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මවුලවිවරයා මෙම අදහස් පල කලේ යූටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවට එක්වෙමිණි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි