රජය විසින් දියත් කර ඇති වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යා” වැඩසටහන සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරනවා.
එහි පළමු පියවර ලෙස එළඹෙන 15 වැනි දා මහනුවර දිස්ත්‍රික්කයේ වැව්, අමුණු ප්‍රතිසංස්කරණය කීරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
ලක්ෂ 80 ක මුදලක් වියදමින් ගම්පොල දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් “අංගේ වැව” ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර රට කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලද “අංගේ වැව” මගින් කුඹුරු අක්කර 32කට අධික ප්‍රමාණයකට ජලය ලැබෙන අතර ගොවි පවුල් 50කට අධික ප්‍රමාණයකට තම ගොවි තැන් කටයුතු කරගෙන යාමට සෙත සැලසෙන බවයි සඳහන් වන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ