වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටද ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ සඳහන් කළා.
දැනට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම අද පැවති මෙම රැස්වීමේදී එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සහය ලබාදෙමින් සිටින සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු සියලු පාර්ශවයන් වෙත ජනාධිපතිවරයා ප්‍රශංසාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට