නීති විරෝධීව එන්සි නැමති මත් කුඩු කිලෝ 06යි ග්‍රෑම් 400 ක් සමග සැකකරුවන් තිදෙනෙක් නොර්වුඩ් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව නෝර්වූඩ් පොලීස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා පවසයි.
මෙම එන්සි තොගය ග්‍රෑම්ස් 400 බැගින් වූ පැකට් 16ක ඇසුරුම් කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.
ත්‍රීවීල් රථයකින් ග්‍රෑම් 400 පැකට්ටුවක් විකිණීම සඳහා රැගෙන යමින් සිටියදී මෙම සිද්ධියේ ප්‍රථම වැටලීම පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ බවත්, එහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලැබුණ තොරතුරු මත නෝර්වුඩ් නගරයේ පිහිටි
වෙළඳසලක් සෝදිසි කිරීමේදී ග්‍රෑම් 400 තවත් පැකට් 13ක් සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.
නෝර්වුඩ් නගරයේ ව්‍යාපාරිකයෙක් විසින් කොළඹ සිට මෙම එන්සි මත් කුඩු තොග වශයෙන් විකිණිම සඳහා රැගෙන එන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය විමෙන් පසු එම ව්‍යාපාරිකයාගේ නිවස සොදිසි කිරීමේදී ග්‍රෑම් 400 තවත්
ඇසුරුම් දෙකක් 02 ක් සොයා ගැනීමට පොලීසියට හැකිවී ඇත.
මෙම ග්‍රෑම් 400 එන්සි ඇසුරුමක් රුපියල් 6000/- ක් වැනි මිළකට තොග වශයෙන් අලෙවි කරන බවත්, ග්‍රෑම් 20 ඇසුරමක් සිල්ලරට රුපියල් 300/- ක මුදලකට අලෙවි කරන බවත් පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
ප්‍රදේශයේ පාසල් ළමුන් , ත්‍රීවීල් රියදුරන් ඉලක්ක කර ගනිමින් ඉතා සූක්ෂම ලෙස කාලයක් තිස්සේ මෙම නීති විරෝධී එන්සි ජාවාරම සිදු කර ඇති බවත් පැවසේ.
සැකකරුවන් සමග එන්සි තොගය හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බවත් පොලිසිය පවසයි.
මත් කුඩු තොගයේ වටිණාකම රුපියල් ලක්ෂයකට ආසන්න වන බව පැවසේ.
අත්අඩංගුවට ගත් එන්සි මත්කුඩු තොගය පොලිස්ථානාධිපති ප්‍රේමලාල් මහතා හා වැටලීමට එක්වූ නිලධාරින් සමග පරීක්ෂා කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්