තම සිසුවෙකුට දෙමව්පිය කැමැත්ත නොමැතිව කොවිඩ් එන්නත ලබාදුන් විද්‍යා ගුරුවරියක් ව අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බලධාරීන් පැවසුවේ ඇයට වෛද්‍ය ක්ෂේත්රයේ කිසිදු සුදුසුකමක් නොමැති බවය.
54 හැවිරිදි ජීවවිද්‍යා ගුරුවරියක් වන ලෝරා රූසෝ, අදාළ එන්නත් මාත්‍රාව සිය නිවසේදී එම සිසුවා ට ලබාදී ඇති අතර එය නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස බලධාරීන් පවසයි.
ඇය එම චෝදනාවට වැරදිකරු වුවහොත් වසර 4ක සිර දඬුවමක් හිමිවීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය පැවසීය.
17 හැවිරිදි පාසල් සිසුවා එන්නත ලබාගැනීමට කැමැත්ත පළකර තිබුණි.
එම ගුරුවරිය කොවිඩ් එන්නත ලබාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
මෙතෙක් වයස අවුරුදු 18ට අඩු අමෙරිකානුවන්ට එන්නත් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ෆයිසර් එන්නත පමණි.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි