12 හැවිරිදි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ ගණිත ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගණිතය විෂයට පන්ති පත්වන මුවාවෙන් නිවසට පැමිණි මෙම ගුරුවරයා විසින් කාලයක් පුරා මෙම දරුවා ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබී ඇති පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර තිබේ.
ඒ අනුව අගෝස්තු මස 17 වන දින අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
2018 වසරේ දී සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට ලක්වු දරුවා විසින් පළමුවෙන් යහළුවෙක්ට පවසා ඇති අතර, පසුව දෙමව්පියන්ට සිද්ධිය පිළිබඳව පැවසීමෙන් අනතුරුව, පසුගිය දිනක අදාළ දරුවා හා ඔහුගේ දෙමාපියන් විසින් ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කර ඇත.
ළමයා ලිංගික කටයුතු සඳහා අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර පසුව ගුරුවරුයා විසින් අසභ්‍ය වීඩියෝ පට පෙන්වා ළමයා ලිංගික කටයුතු සඳහා පොළඹවා ගෙන අපයෝජනය කර තිබේ.
මෙම අපයෝජනය සිදුවන අවස්ථාවන්හි දී ළමයාගේ මව සහ මිත්තණිය නිවසේ සිට ඇති බවත්, පියා සොයා දුන් ගුරුවරයෙක් නිසා මෙන්ම වෙනත් ගුරුවරුයෙක් සොයා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි සිතූ නිසාත්, ගුරුවරයා විසින් ළමයා වෙත තර්ජනය කර සිටි නිසාත් මේ පිළිබඳ දෙමව්පියන්ට නොදැන්වු බව දරුවා වැඩිදුරටත් කටඋත්තර ලබා දෙමින් පවසා තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්