පසුගිය රජයේ හිටපු සංස්කෘතික ඇමතිවරයාගෙන් තමනට දැඩි බලපෑම් එල්ල වූ බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.
හිටපු ඇමතිවරයා හැසිරැනේ නමන් පුරාවිද්යාඥයෙක්ය යන හැඟීමෙන් යයිද ඔහු පැවසීය.
එය තමන්ට බලපෑම් කරමින් ලබාදුන් දුරකථන ඇමතුම් ගණනාවක් පටිගත ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
සීගිරියේ අසල කලුදිය පොකුණ පිහිටි අක්ක අක්කර 15 ක ප්‍රමාණයක් විදේශිකයන්ට හෝටල් කාමර ඉදිකිරීම සඳහා ලබා දෙන ලෙස හිටපු ඇමතිවරයා තමනට බලපෑම් කළ බවද ඔහු පැවසීය.
ඊට එකඟ නොවූ තැන තමන්ට චෝදනා කරමින් ධුරයෙන් ඉවත් වන ලෙස ද බලපෑම් කළේ යෑයි ඔහු කියා සිටියේය.
තමන්ට වූ අපහාසයට රුපියල් බිලියනයක මුදලක් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
*Gossip Lanka
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්