සීනි මිල අඩු කිරීමේ අරමුණින් සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 15.9 ක් බවත් එය මුදල් අමාත්‍යංශය විසින් අද පැවති පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී හෙලි වූ බව එම කාරක සභාවේ සාමාජික හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසනවා.
බදු අඩු කළද සීනි මිල අඩුවීම නිසා බදු අඩු කිරීමේ වාසිය ජනතාවට නොලැබුණු බවත්, අවසානයේදී බදු අඩු කිරීම හරහා වාසි සිදු වී තිබෙන්නේ සීනි ආනයනය කරන සමාගම් කිහිපයකට පමණක් බවද හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙනවා.
මෙය බරපතල වංචාවක් බව පසුගිය කාලයේදී විපක්ෂය දිගින් දිගටම පෙන්වා දුන් නමුත් එවැනි වංචාවක් සිදුව නොමැති බව රජය ප්‍රකාශ කළේය.
මෙම බදු අඩු කිරීම ආසන්න කාලයේදී එක් සමාගමක් විශාල ලෙස සීනි ආනයනය කර ඇති බව මුදල් අමාත්‍යංශයේ වාර්තාවලින් පැහැදිලි වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ මෙහි විශාල පටලැවිල්ලක් තිබෙන බවයි. එම පටලැවිල්ල ලිහා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව මන්ත්‍රීවරයා පවසනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව