රුපියල් 200 ඉක්මවා සීනි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට තමාට හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවය.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම මිල වැඩි කිරීම කූඨ වෙළෙඳුන් විසින් සිදුකරන බවට හඳුනාගෙන ඇති බවය.
“සීනි අද තොග මිල රුපියල් 210 දක්වා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේක සම්පූර්ණ අසාධාරණ මිල වැඩි කිරීමක්. කූඨ වෙළෙන්දන් විසින් මේක කරන්නේ කියලා අපි හඳුනගෙන තියෙනවා. වර්තමානයේ මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණත් වසර 17ක පස්සේ අපි දැන් මේ පනත සංශෝධනය කරන්න ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ අනුව රුපියල් 10,000ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කරනවා. ඒ අනුව වැඩි මිලට අලෙවි කරන සෑම ව්‍යාපාරිකයෙකුටම ඒ නව දඩ මුදල අයකරන්න පුළුවන් වෙනවා.”
සීනි ආනයනකරුවන් සීනි මිල ඉහළ දමා ඇත්තේ, ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් ලෙස නොවෙනස්ව පවතින පසුබිමකය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්