කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නීතිමය පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
රජය ලබාදුන් සහන කාලසීමාව තුලදී ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගෙන ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් පැමිණිලි කිරීමට පොලිස්ථාන වලට පැමිණියහොත් අපරාධ නීතීය යටතේ කටයුතු කරන ලෙසයි මෙහිදී වැඩ බලන පොලිස්පතිවරයා සියලු පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගැනීම සඳහා ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් ඉදිරිපත් කරන පැමිණිලි බාර නොගන්නා ලෙසටද වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක