ගාල්ල – කොළඹ සුඛෝපභෝගී බස් රථයක තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 18 ක් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින්.
අද අලුයම 05.30 ට පමණ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බස් රථය පැදවූ 27 හැවිරිදි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අයිස් මත්ද්‍රව්‍ය ගෙනවිත් විවිධ ස්ථානවලදී බෙදා හරින බවට තොරතුරු හෙළිවී ඇති බවයි පොලිසිය පැවසුවේ.
විදේශගතව සිට මියගිය බව පැවසෙන අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට