2022 ජනවාරි 11 වන දින නිකුත් කරන ලද අන්තර්ජාතික ‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ (Henley & Partners) විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගතකිරීමට අනුව ඊට ඇතුළත් කර ඇති මුළු විදේශ ගමන් බලපත්‍ර 111 අතුරින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 102 වන ස්ථානයට ශ්‍රේණිගත කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයට අනුව ශ්‍රී ලංකාව, ලෙබනනය සහ සුඩානය යන රටවල විදේශ ගමන් බලපත්‍රවලට එකම මට්ටමේ ලකුණු ලැබී ඇත.
‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ඇති පුද්ගලයන්ට ලොව රටවල් 41කට වීසා රහිතව ඇතුළුවීමට අවසර ඇති බවයි. මෙම රටවල් 41න් රටවල් 22ක් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පැමිණීමේදී වීසා සේවා(On Arrival) සපයයි. ‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ දර්ශකය අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සුවිශේෂී දත්ත මත පදනම් වේ. වසර 17ක් පුරා දිවෙන දත්ත සහ අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන අධිකාරියේ (IATA) දත්ත මත පදනම් වූ එකම විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ය.
මෙම දර්ශකයට අනුව පළමුතැනට පත්ව සිටින්නේ ජපානය වන අතර දසවන ස්ථාන දක්වා සිංගප්පූරුව, ජර්මනිය ,දකුණු කොරියාව ,ෆින්ලන්තය ,ඉතාලිය ලක්සම්බර්ග්, ස්පාඤ්ඤය, ඔස්ට්රියාව, ඩෙන්මාර්කය යන රටවල් පත්ව තිබෙනවා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ