සිය ශරීරය සුදුවීම සඳහා වැල්ලවත්ත ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකින් ගත් ආලේපන වර්ගයක් භාවිත කිරීමෙන් සිය ශරීරය අවපැහැ ගැන්වී ස්වර්ණාභරණ සියල්ල විනාශ වූ බව සඳහන් කරමින් ගම්පහ ප්‍රදේශයේ තරුණියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල ඊයේ (28 වැනිදා) විභාග කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාර පරීක්ෂාවට ලක් කරන ලදී. ලියාපදිංචි නොකළ වෙළෙඳ නාමයක් යටතේ චීනයෙන් ආනයනය කර ඇති මෙම ආලේපන වර්ගය මෙරටදී නැවත ඇසුරුම් කරණයකට ලක් කර අලෙවි කරයි. එක් ඇසුරුමක් රුපියල් 6000 කට අලෙවි කරන අතර මෙම තරුණිය ඇසුරුම් දෙකක් මිලදී ගෙන තිබේ.
එම ආලේපන භාවිත කිරීමෙන් තමන්ට ලක්ෂ දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ ද අහිමි වූ බව තරුණිය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙයි. මෙම ආලේපන වර්ගයේ කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදිත දිනය ද සඳහන් ව නොමැත. මෙම රූපලාවන්‍යාගාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම යටතේ ඇති ආලේපන වර්ග භාවිත කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
- Aruna news
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්