ජාතික සුරක්ෂතතා දිනය සැමරීම හෙට(26) සිදු කෙරෙනවා.
2004 වසරේ දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර තිඛේ.
සුනාමි ව්‍යයසනයෙන් මියගිය සියලු දේශිය සහ විදේශීය ජනතාව සිහිපත් කරමින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජාතික මටටම්න් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මගින් දිස්ත්‍රික් මට්ටමින් ද සර්ව ආගමික වැඩසටහන් පවත්වා ආපදාවලින් මියගිය ජනතාවට පිං පැමිණවීම මෙන්ම ඊට සමගාමීය විවිධ වැඩසටහන් පවත්වමින් ආපදා වලින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂත කිරීමට කටයුතු යොදා තිබෙනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්