සුනිල් පෙරේරා සුව ලබා නිවසට

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් පසු වූ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා සුවය ලබා නිවසට පැමිණ තිබෙනවා.

සුනිල් පෙරේරා මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඔහුගේ සොයුරු පියල් පෙරේරා මහතා පැවසුවේ.

68 හැවිරිදි සුනිල් පෙරේරා මහතා, කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය 10 වනදා රෝහල්ගත කෙරුණා.

” දැන් වෛද්‍ය උපදෙස් මත විවේක ගනිමින් ඉන්නේ…

තවත් සති දෙකක් හෝ තුනකට පස්සේ සම්පූර්ණයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි ..”

ඔහු විශ්වාසය පළ කළා.

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනා ද සුනිල් පෙරේරා මහතා සිහිපත් කරන්නේ ස්තුති පූර්වකවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com