මීගමුවේ සුපිරි අවන්හලක සේවකයින් 8දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මීගමුව මහ නගර සභා සෞඛ්‍ය අංශ පැවසුවේ එම අවන්හලේ සේවකයෙකුට තදින් උණ වැළඳී තිබීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.
ඉන් අනතුරුව එම අවන්හලේ අනෙකුත් සේවකයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයකට ලක් කර තිබේ.
එහිදී තවත් සේවකයින් හත්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව අසළ පිහිටි මෙම සුපිරි අවන්හලට පසුගිය 7 වැනිදා සිට පැමිණි පිරිසට තම සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසට මීගමුව මහ නගර සභා සෞඛ්‍ය දැනුවත් කරයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්