තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක් කර ඇති බව තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.
සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
ඔහුගේ ගිනුම හැක් කරන ලද පුද්ගලයා විසින් විවිධ වීඩියෝ ද දමා ඇත.
ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා රසිකයින් හට යම් අපහසුතාවයක් ඇති වූව නම් ඊට සමාව අයදින බව ද එහි සඳහන්.
ධනංජය ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ, තම සමාජ මාධ්‍ය කණ්ඩායම අදාළ ගිණුම නැවත ලබාගැනීමට උත්සහ කරමින් සිටින බවයි.
ධනංජය සිල්වාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි තිබු සියලු සටහන මකා දමා ඇති අතර එහි තිබු ඡායාරූපය ද වෙනස් කිරීමකට ලක් කර තිබෙනවා.


More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට