සුපිරි පාපන්දු ක්‍රිඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව ගොනු කර තිබු නඩුවක් දීර්ඝ විභාගයකින් පසුව අත්හිටුවීමට අමෙරිකානු අධිකරණයක් තීන්දුකර තිබේ.
ඔහු විසින් 2009 වසරේ දී අමෙරිකාවේ ලාස් වේගාස් හෝටලයකදී කාන්තාවකට පහර දුන් බවට චෝදනා කරමින් එම කාන්තාව විසින් වන්දි ඉල්ලා සිවිල් දූෂණ නඩුවක් ගොනු කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසර දහයකට අධික නඩු විභාගයකින් පසුව අධිකරණය අදාළ නියෝගය නිකුත් කර තිබේ.
එහිදි විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ, පැමිණිලිකාර පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇති කරුණුවල ව්‍යාකුලභාවය සහ සිදුකර ඇති චෝදනා සනාථ නොකිරිම හේතුවෙන් නඩුව නිෂ්ප්‍රභ කරන බවය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි