මෙවර අයි.පී.එල් තරගාවලියේ 10 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.
ඒ, ඩුබායි හි පැවැති තරගයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 201 බැගින් රැස් කිරීමෙන් අනතුරුවයි.
තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරුණු අතර, එහි දී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 7ක් පමණයි.
පිළිතුරු ලෙස බැංගලෝර් කණ්ඩායම සුපිරි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී තරගයේ ජය තමන් සතු කර ගත්තා.
මෙම තරගයේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමි කර ගැනීමයි.
සිය මංගල තරගයේ දෙවැනි පන්දුවාරයේ දීම මංගල අයි.පී.එල් කඩුල්ල දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුණේ සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල දවා ගනිමින්.
ඉසුරු උදාන ලකුණු 45කට කඩුලු 2ක් බිද හෙලුවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි