බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිය හොඳම පන්දු යැවීමේ දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් කඩුළු 5ක් බිඳ හෙලීමට ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමත් වුණා.
ඒ, ඩර්බි හී දී ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ තෙවැනි දිනයේ දී.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඩර්බිෂයර් කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 368ක් ලබා ගත්තා.
Brooke Guest ලකුණු 109යි.
පිළිතුරු ලෙස පළමු ඉනිමට ග්ලැමෝගන් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 387ක්.
මර්නස් ලැබුෂේන් ලකුණු 130ක් රැස් කළා.
සුපිරි පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 82කට කඩුළු 5ක් දවා ගත්තා.
ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ Kiran Carlson, Tom Cullen, Michael Neser, Marnus Labuschagne හා Michael Hogan.
තරගය තෙවැනි දිනය සදහා නතර කරන විට ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 170ක්.
ඒ අනුව ඩර්බිෂයර් කණ්ඩායම මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 151ක්.
සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගවලදී කඩුළු 5 බැගින් අවස්ථා හතරකදීත්, අවස්ථා හතකදී කඩුළු 4 බැගිනුත් දවාගෙන තිබුනා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්