සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්රතිලාභ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නැවතත් එකගතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ප්රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් 01 වනදා තෙක් එය බලපැවැත්වෙනු ඇති.
ඒ අනුව පසුගිය මැයි 30 වන දිනෙන් පසු සිදුවීම්වලට අදාළ සුරක්ෂා ප්රතිලාභ දීමනා ලබාගැනීම සඳහා අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කළ යුතුයි.
මෙම රක්ෂණ හිමිකම් අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් වළකින ලෙස දෙමව්පියන්, දූදරුවන් දැනුවත් කරන ලෙස කලාප අධ්‍යාපන කාර්යාල මගින් සියලූ පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි