57 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය දින 5ක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
එහිදී කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තාවක් තැබීමට සචිනි කෞෂල්‍යා පෙරේරා සමත්වුවාය.
එමෙන්ම තරගාවලියේ මීටර් 100 කාන්තා ඉසව්වේ අවසන් තරගය ඊයේ (26) පැවැති අතර එහිදී ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මීට පෙර පිහිටුවා තිබූ එම ඉසව්වේ යුද හමුදා තරගාවලි වාර්තාව අබිබවමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා සංඥා බලකායේ අමාෂා ද සිල්වා සමත් විය.
ඒ අනුව මෙවර තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම විසිනුත්, සමස්ත කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා A කණ්ඩායම විසිනුත් දිනාගෙන තිබේ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමාෂ ඒෂාන් විසින් දිනා ගනිිද්දී දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය නිලානි රත්නායක විසින් දිනා ගැනීමට සමත් වුවාය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්