බ්‍රසීලය කලකට පෙර සුසාන භූමිවල මිහිදන් කළ මළ සිරුරු ඉවත් කර , නව මළ සිරුරු භූමදානය කිරීම සඳහා ඉඩ ලබා ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග මළ සිරුරු භූමදාන කිරීමට ඉඩ නොමැති වීම මෙසේ පැරණී මළ සිරුරු ඉවත් කිරීමට හේතුව වී ඇත. මේ අනුව බ්‍රසීලයේ විශාලතම නගරය වන සාවෝ පවුලෝහි (Sao Paulo) පැරණි සොහොන් හිස් කිරීමට එම නිලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි වසර ගණනාවකට පෙර වැළලූ මළ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කර දිරාපත් වූ දේහ කොටස් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබේ. සාවෝ පවුලෝහි අවමංගල්‍ය කටයුතු පිළිබඳ නාගරික ලේකම් (municipal secretary responsible for funeral services) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ , සුසාන භූමි සම්බන්ධ සිදුවීම්වලදී දේහය නැවත ස්ථානගත කිරීම වරදක් නොවන බවයි.
සුසාන භූමිවල මිහිදන් කළ මළ සිරුරු ඉවත් කරයි.

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි