ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං විදුලි බලාගාර සහ විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකෙන් ඉවත්වීමට ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම තීරණය කර තිබෙනවා.
එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තිරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් අදාල සමාගම දැනුම් දී තිබෙනවා.
අදානි සමාගම විසින් ආරම්භ කිරීමට සැළසුම් කරමින් සිටි මෙම සුළං විදුලි බලාගාරය සහ එහි නිපදවන විදුලි බලය, ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගැනිමට සැළසුම් කර තිබූ මිල පිළිබදව සමාජය තුළ කිසියම් සංවාදාත්මක තත්වයක් ඇතිව තිබුණා.
අදානි සමාගම සමඟ මෙම ව්‍යාපෘතිය හා අනුශංගික කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරිමේ අවශ්‍යතාවය වත්මන් ආණ්ඩුව විසින්ද පෙන්වා දි තිබුණා.
මේ අතර අදානි සමූහය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් පවතින බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රජයේ අභිලාෂය මත අනාගත සංවර්ධන ව්‍යාපෘති සමඟ සම්බන්ධ විමේ කැමැත්ත ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
ඒ වෙනුවෙන් වන සහයෝගීතාවයට විවෘතව සිටින බවත් ඔවුන් වැඩිදුරටත් කියා තිබෙනවා.
More Stories
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්
කොළඹ ”චිකුන්ගුන්යා” ව්‍යාප්තිය ඉහළට
පුංචි ඡන්දය මැයි 06